Microsoft Imagine Cup 2011 – වසරේ හොදම විහිලුව

ඉහත සදහන් තරගාවලිය වසරක් පාසා ලෝකේ හොදම තොරතුරු තාක්ෂණ වෙලදායතනය යැයි සැලකෙන Microsoft සමාගම විසින් පවත්වනු ලබන්නකි. මීට සමගාමීව වසරක් පාසා අපේ රටේද තරගාවලියක් පැවැත්වේ. මෙය මීට වසර ගනනාවකට පෙර සිටම පැවති අතර මෙතෙක් කල් ජය ලබා ගෙන තිබ්බේ කොලඹ, මොරටුව විශ්වවිද්යාල සහ මෙරට හොදම පුද්ගලික විශ්වවිද්යාලය යැයි සම්මත Sri Lanka Institute of Information Technology මගිනි.

මොරටුව සහ කොලඹ යනු අපේ රටේ හොදම රජයේ විශ්වවිද්යාල බව සැබෑය. නමුත් හද්ද පිටිසර පිහිටි පේරදෙණිය විශ්ව විද්යාලය, නැතහොත් අසහනකාරයන්ගේ නිජබිම විසින් මෙම තරගාවලියේ ජය ලැබුවේ යැයි පිලිගත හැකිද? ඇත්තටම නොහැක. මෙම තරගාවලිය නැරඹීමට පැමිණි සියලු දෙනාම පාහේ පැවසූවේ තරගාවලියේ ජයග්‍රහණය ඉතා නින්දිත බවය. ජයග්‍රහණය කල කණ්ඩායම විසින් ඉදිරිපත්කොට තිබ්බේ පෙර වසරක පිටරට කණ්ඩායමක් ඉදිරිපත් කලාටත් වඩා තත්වයෙන් බාල මෘදුකාන්ගයකි. එහෙව් කණ්ඩායමක් ජයග්‍රහණය කරවා පිටරට යැවීම අපේ මාතෘ භූමියටද නින්දාවකි.

මේ ජයග්‍රහණය පිලිබදව දැන් ඉහල බලධාරීන්ට දැන්වීමට අනෙකුත් කණ්ඩායම් කටයුතු කල ඇති අතර. ඔවුන්ගෙන්වත් සාධාරණයක් ඉෂ්ඨ වෙතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙහි ඇති ගැටලුව වනුයේ කිසිවෙකුත් නොසිතූ කණ්ඩායමක් ඉදිරියට ගෙන ඒම පමණක් නොව, විෂිෂ්ඨ කණ්ඩායම් දෙකක් වූ පසුගිය වර ජයග්‍රාහකයින් වූ විශ්ව විද්යාල තුනේම කණ්ඩායම් පලමු 3දෙනා අතරට නොපැමිණීමයි. මෙහි විනිශ්චයකරුවන් ලෙසද කටයුතු කලේ කිසිම අත්දැකීමක් නැති  අය බවත්, මෙය අපේ රටේ කීර්තිණාමය ජාත්යන්තරය ඉදිරියේ පළුදු කිරීමට හේතු වන බවටද ඇතමුන්ගේ මතය වී තිබේ.

තවදුරටත් අදහස් දක්වන කණ්ඩායම් සාමාජිකයින් පවසා ඇත්තේ මෙම කණ්ඩායමේ බොහෝ දෙනෙක් විනය විරෝදී හේතූන් මත බන්ධනාගාර ගත වූවන් බවයි. මෙවැනි පුද්ගලයින් අපේ රට නියෝජනය කිරීමට ඉදිරියට ගෙන ඒම මගින් අපේ රට කෙසේ හෑල්ලුවට ලක් වෙනු ඇතිද?

Advertisements